Saturday, November 13, 2010

ජීවිතය පාට කරමු....

‘ලස්සන’ කියන්නේ අපි කවුරුත් කැමති ලස්සන වචනයක්. ‘සුවඳ’, ‘පාට’ වගෙ වචනත් ඔය ළඟින් යන ඒවා නේ. අපි කවුරුත් අවලස්සන දුගඳ හමන දේවලට කැමති නෑ නේ. අපි කවදත් සොයන්නේ ලස්සන, සුවඳ හමන, පාට වැටුණු දේවල්. කොටින්ම කිවුවොත් පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන ප්‍රියජනක සංවේදනවලට.

                හිතල බලන්නකො බාඳුරා මලකට ඇදිල එන කෘමියෙක් ගැන. ඌට ටිකක් අමුතු විදියෙ ලස්සන මලක් පේනව. ඒ අමුතු ජෝගුව අතුලෙ තියෙන බීම, ම්ම්ම්ම්ම්ම....... මනරම්. මේක බොන්න හිතන් ඌ යනව ඇතුළට. අනේ අනිච්චං තමා. ඌට කවුරුවත් පනින්න පෙර සිතා බලන්න උගන්නල නෑ වගේ. කොහෙද ඉතින් වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවුන එකක් යැ. හැබැයි ඉතින් හිත හිතා හිටියොත් නම් කවදාවත් පනින්න වෙන්නෙ නෑ කියල ඌට හිතුණ වෙන්නත් බැරි නෑ.

                අපෙත් බහුතරයක් ඔය වගේ. ඒ තමා පැනල ඉවරවෙලා ම shape එකේ chewing gum එකක් හප හපා ම හිතනව කියන අය. හැබැයි තවත් පිරිසක් ඉන්නව බය නිසාත් අහක යන නයි ශරීරාස්පර්ෂයට අකමැති නිසාත් නොපනින. මේ දෙගොල්ලො ඇරුණාම බොහොම සුළු පිරිසක් තමා තමන්ගේ කල ගෙඩි වන් ඔළු ගෙඩි තුළ තියෙන අල ගෙඩි වන් මොළ ගෙඩියෙන් වැඩක් ගන්නෙ. 

                 දැන් දැන් හිතෙනව ඇති නේ ද ලස්සනක් ගැන කියාගෙන ඇවිත් මේකා මොකක්ද මේ පැනිල්ලක් ගැන කියවන්නෙ කියල? මම මේ කිවුවෙ ලස්සන නිසා අපි වැටෙන අමාරු ගැන. එහෙම කියල රසවත්, හරවත් දේ අතාරින්න කියනව නෙමෙයි. ‘ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ’ ලු නේ. හැම දෙයක් ම ගානට. හරවත් දේ කොහොම වෙතත් රසවත් දේ නම් ඔය කවුරුවත් අත් නොහරින බවත් මම දන්නව. ඒකත් ඉතින් ලෝක ස්වභාවය කියල හිත හදා ගන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද?

                                කොහොම වෙතත් හැඟීම් වලට වහල් වෙන්න ගියාම තමා ඔය රටේ නැති කරදර ඔක්කෝම. සංසාරෙ පුරාවට ඉවරයක් නැතුව දුවන්න වෙන්නෙත් ඒ නිසා. කොහොම හරි ඔළුව හදාගෙන ඉස්සරහට යන එකයි වටින්නෙ.

©

No comments:

Post a Comment