සසර මා ඔබ සමඟ මේ ලෙසින් යන්න ඇති
ඔබට වැඩියෙන් මාත් ටිකක් පවු කරන්නැති
කරපු පව කිම ද අප මෙලෙස දුක් විදින්නට
ගෙවමු පව් මේ ලෙසින් බැරි නිසා මිදෙන්නට.....
කුසට අහරක් නැතත් තියෙන දේ බෙදා ගෙන
හිසට වහලක් නැතත් අගු පිලේ නිදාගෙන
මහ වැස්ස ගිනි අව්ව නොවෙනස්ව දරාගෙන
බොහෝ දේ පිරී ඇති බොහෝ වටිනා ලෙසින්
එහෙත් කිසිවක් නොමැති වැඩක් ගත හැකි ලෙසින්
දිවිය ගන්වයි අරුත් ඔබේ උපමා වෙමින්
‘පිස්සි‘ ගේ පලා මල්ලැයි කියා අමතමින්......
කරන මට ආදරේ ඔබ ද නැත්නම් අනේ
බල බලා සිනාසෙන මිනිසුන් ද වූ ඇණේ
සිතමි මම රෑ දිවා ගැටළුවක් නෑ සිතේ
පිස්සුවක් ඇතැයි කී සැමට පිස්සු ද පනේ!!!
©
©


