Thursday, September 8, 2011

ආදරේ පො‍ළොව තරම්.....

මම අම්මට ගොඩාක් ආදරෙයි
මම තාත්තට ගොඩාක් ආදරෙයි
මම උඹටත් සෑහෙන්න ආදරෙයි මල්ලියේ
මම ඔයාට ගොඩාක් ආදරෙයි වස්තුව
අයි ලව් යූ මචං
එක එක්කෙනා ඉස්සරහ කියන දේවල්
උඹ මහ චපලයෙක්, හැමෝටම ඔහොම කියන්නෙ උඹ කටින් ද?
ඔව් කටින් තමා.
එතකොට වැඩියෙන්ම?
හැමෝටම, ආදරේ නිරපේක්ෂයි, සසඳන්න හදන්න එපා, මහ ගොන් වැඩක්.
එතකොට බහු ගර්ල් ෆ්‍රෙන්ඩ් සේවනය?
ඒකනේ බන් මම මගෙ කෙල්ලට වයිෆ් කියන්නේ
එතකොට බන් මම බහු භාර්ය්‍යා සේවනය ද?
දන්නෑ ඉතින් ඔව්ව නම්....
බ.ද.වේ. උඹ ඒ හැමෝට ම ආදරෙයි ද?
දන්නෑ බන්.....
දෙන් හැපි වෙඩඩ් ලයිෆ් මචං
ෆෑන්ක්ස් මචං
වල් කම් වේවා මචං.....


©


Sunday, September 4, 2011

බබාගේ තාත්තා දොයි...


චූටි බබෙක්,
කතා කළා ඊයේ හවස,
හෙලෝ කිවුවා, අනුල මාමා කිවුවා,
හොල මීයා කිවුවා, තාත්තට ඌවා වෙලා කිවුවා
ටිකකින් මම මගේ කතාවේ.
සද්දයක් නෑ කෝ බබා දොයි ද? නෑ කුක්කු බොනවා.
අහ්, ෂෝයි බබෙක්.
කතාව නැවතුනා, මම පන්සල් ගියා, ගෙදර ආවා.
අද උදේ,
බබා පව් නේ? එයාට මුකුත් තේරෙන්නෑ
බබාගේ තාත්තා දොයියගෙන,
සදහටම.......  

©

Sunday, August 28, 2011

පිස්සුවක් ඇතැයි!


සසර මා ඔබ සමඟ මේ ලෙසින් යන්න ඇති
ඔබට වැඩියෙන් මාත් ටිකක් පවු කරන්නැති
කරපු පව කිම ද අප මෙලෙස දුක් විදින්නට
ගෙවමු පව් මේ ලෙසින් බැරි නිසා මිදෙන්නට.....

කුසට අහරක් නැතත් තියෙන දේ බෙදා ගෙන
හිසට වහලක් නැතත් අගු පිලේ නිදාගෙන
මහ වැස්ස ගිනි අව්ව නොවෙනස්ව දරාගෙන
කරන පින හේතු වී මේ දුකින් මිදීගෙන.....

බොහෝ දේ පිරී ඇති බොහෝ වටිනා ලෙසින්
එහෙත් කිසිවක් නොමැති වැඩක් ගත හැකි ලෙසින්
දිවිය ගන්වයි අරුත් ඔබේ උපමා වෙමින්
‘පිස්සි‘ ගේ පලා මල්ලැයි කියා අමතමින්......

කරන මට ආදරේ ඔබ ද නැත්නම් අනේ
බල බලා සිනාසෙන මිනිසුන් ද වූ ඇණේ
සිතමි මම රෑ දිවා ගැටළුවක් නෑ සිතේ
පිස්සුවක් ඇතැයි කී සැමට පිස්සු ද පනේ!!!

©

Tuesday, August 23, 2011

ආපසු......

ඔන්න ගොඩ දවසකින් පස්සේ ආයිත් වැඩට බැස්ස යි කිවුවොත් හරි මගෙ හිතේ... දන්නෑ ඉතින් ඔව්ව නම්. ඒ කොහොම වෙතත් ලියන්න අතපහු වුන ටිකේ සෑහෙන සෑහෙන දේවල් ගොඩක් නම් ඔළුවට ආවා, ඒත් හිතේ තියන දේ අතට ගන්න වෙලාවක් ලැබුණෙ ම නෑනෙ ඉතින්. දැන් ඉතින් මක් කියල කොරන්න ද? ආයිත් වැඩට බහිමු එහෙනම්, මතක් වෙන මතක් වෙන සැරේට දාන්නම් කෝ.....

©

දවසක් දා මල් වැස්සේ තෙමුනා......

පැමිණි මේ මල් වැස්ස අපට අත වනනවා
පෙර දා ක ලංවෙමින් තෙමුන හැටි මවනවා
එන්න මා කුමරියේ පටලාන ඔය ඇඟිලි
මා සුරත ඒ පහස මඟ බලා සිටිනවා....

වෙන්න මගෙ ආදරෙන් සැමදා ම ජීවිතේ
මිහිරි ස්වර සපයාවි අපේ මේ හද ගැස්ම
ගයමු අපි මේ ගීය වෙලිලා ම ආදරෙන්
ඒ තනුව ගැලපේවි දෙ හද මෙන් අපි අපේ....

©

Monday, August 22, 2011

You and Me.... (Edited)

Captured at Paranthan junction,
Kilinochchi
Me and You, both are same
difference in name no one to blame
game of life among rising flame
no one to guess, whats your aim...

with hopes in heart, piling sky high
without the wings eager to fly
dont clutch the wounds and don't cry
over the horizon let your pain fly......

© Shehan Randew & SAMEE®


Tuesday, November 23, 2010

You and Me...

Captured at Paranthan junction,
Kilinochchi
hunger and pain, wounds as well
all over the body and heart as well
horrible past and present not well
no hope for future, living in a hell

Me and You, both are the same
difference in fame but who to blame
In this game you are so lame
What's your aim? in this flame

I am there to see them fly
were You there to see them die
the day they fly is not too high
give your hand and let them fly.

©