Tuesday, November 23, 2010

You and Me...

Captured at Paranthan junction,
Kilinochchi
hunger and pain, wounds as well
all over the body and heart as well
horrible past and present not well
no hope for future, living in a hell

Me and You, both are the same
difference in fame but who to blame
In this game you are so lame
What's your aim? in this flame

I am there to see them fly
were You there to see them die
the day they fly is not too high
give your hand and let them fly.

©

Sunday, November 14, 2010

Adults Only....

            මේ දවස් වල අභ්‍යාස දර්ශන වලට පෙනී සිටින පිරිස් පොලීසිය, ළමා හා කාන්තා කාර්යංශය වගේ රාජ්‍ය ආයතන වල මැදිහත් වීමෙන් වැටලීමට කටයුතු කරගෙන යනවා. ඒවායේ පෙනී සිටින්නන්ගේ ඡායාරූප මාධ්‍ය වලටත් නිකුත් කරල මේ වැටලීම් වලට මහජනතාවගේ සහයෝගයත් ගන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. මේ වෙනකොටත් “අනුන්ගේ කුණු කන්දල් ඇවිස්සීමට ම උපන්“ වෙබ් අඩවියක් නම් ඒ ඡායාරූප පළ කරල තියෙනව. මෑත කාලීනව අහන්නට දකින්නට ලැබුණු දේවල් එක්ක බැලුවාම ජනාධිපති තුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මේ වැඩ පිළිවෙල අගය කළ යුතුයි. ළමා පරපුර දුරාචාරයෙන් බේරා ගැනීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඉතාමත්ම උදාර වගේම වැදගත් අරමුණක්.......
             අර ඉහතින් කියපු ඡායාරූප තොගේ දැකපු ගමන් මට සසර කළ කිරුණා. පේන්නේ මූණ විතරක් උණාට facial expressions දැකලා. දන්න කියන කවුරුවත් නම් මට මීටර් වුණේ නෑ හොඳ වෙලාවට.
             ඒ අතරේ අභ්‍යාස වෙබ් අඩවි block කිරීමටත් දැන් පියවර අරන්. ඒකත් හොඳයි තමා. ඒත් වැඩ කාරයට බොරු බෑලු නේ. තමා සතු හැකියාව හොඳට හෝ නරකට යොදා ගන්න ඕනෑම කෙනෙකුට හැකියාව තියෙනව නේ. ඩයිනමයිට් සොයාගත්තු ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතා කවදාවත් හිතුවෙ නැතුව ඇති තමාගේ සොයා ගැනීම මේ තරම් විනාශකාරී වෙයි කියල. ඒ වගේ එකක් තමා අන්තර්ජාලයත්. ඉස්කුරුප්පු නියනෙනුයි අන්තර්ජාලයෙනුයි කරන්න බැරි දෙයක් නෑලුනේ. හොඳ ඔන්නම් එහෙමයි, නරක ඔන්නම් ඒත් එහෙමයි. ඉතින් බලන එකා block නෙමෙයි මොනව කළත් බලනව. ඒ නිසා හැම එකක්ම නැති කරන්න ඕන වුනාම නීතියක් දාන එක නෙමෙයි වැඩේ. ඒක නොකරන විදියට මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි හදන එක.
              උදාහරණයක් විදියට ඉඳල හිටල හම්බ වෙන අපතයෙක් දෙන්නෙක් ඇරුණාම වර්ථමාන තරුණ පරපුර බහුතරයක් දුම් පානයෙන් මතින් වැළකිලා. ඒ නීති නිසා නෙමෙයි නේ. පොඩි කාලෙ ඉඳන් ඔළු වලට ඒව කවපු නිසා. මගේ නම් අදහස මේකත් ඒවගේ කරන්න ඕන වැඩක්. ඕව කොහෙ කරන්නද තුන් වෙනි සිල් පදේ තියන හරුපෙ මොකක්ද කියල පොඩි එකෙක් ඇහුවොත් ඒකව බැනල පන්නගන්න ජාතියෙ සමාජයක් නේ තියෙන්නේ. එහෙමයි කියල පොඩි එකාට කුණු හරප උගන්නන එක නෙමෙයි කරන්න ඕන. අධ්‍යාපනය විධිමත් කරල අවශ්‍ය ප්‍රමාණයට විධිමත්ව තොරතුරු ලබා දෙන එක. නිසි වය‍සේදි වැරැද්ද නිවැරැද්ද කියා දීල අයාලේ නොයන විදියට නිසි මාර්ගයට යොමු කිරීමයි වඩා සාර්ථක ක්‍රමය. අපේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඕව කොහෙ කරන්නද? අධ්‍යාපන ක්‍රමය ගැන කතා කිරීම පසුවට කල් තියමු.
               මම මෙහෙම පෝස්ට් එකක් ලියන්න හිතුවෙ ඇයි කියල වැරදිලාවත් හිතුණද? මගෙ internet connection එක අම්බානක slow වෙලා. ඒකයි. ISP ලා සේරම දැන් අපේ access filter කරනව. මාර කරුමයක් තමයි. දැන් තියෙන තත්ත්වය අනුව අභ්‍යාස අඩවි වලට පිවිසෙන කෙනෙක් ඒක නොබලන්නේ ඒව blocked නිසා නෙමෙයි. ඒකට ගතවන කාලය වෙන වැදගත් වැඩකට යොමුකළ හැකි නිසාවෙන්. කොහොමත් අපේ රටේ ISP ලා අල්ලේ තියා දෙන වේගය එලෙසින්ම ලැබෙන නිසාවෙන් දැන් අන්තර්ජාල ප්‍රවේශයට උදාවී ඇති තත්ත්වය අත්‍යුත්කෘෂ්ඨය. අනේ අපි ගැන දෙවියෝ බලා මේ වූ විපතින් අප ගලවා filter වෙන වැඩෙත් කෙ‍රෙන ගමන් අඩුම තරමේ accessing speed එක පෙර තිබූ තත්ත්වයටවත් පත්කර දෙන සේක්වා.!!!!

©


කර්ම විපාකය.....


අම්මගේ ගොර ගොරේ
තාත්තගෙ බර බරේ
මලයගේ කරදරේ
අනේ මගෙ හිසරදේ.....

©

Saturday, November 13, 2010

ජීවිතය පාට කරමු....

‘ලස්සන’ කියන්නේ අපි කවුරුත් කැමති ලස්සන වචනයක්. ‘සුවඳ’, ‘පාට’ වගෙ වචනත් ඔය ළඟින් යන ඒවා නේ. අපි කවුරුත් අවලස්සන දුගඳ හමන දේවලට කැමති නෑ නේ. අපි කවදත් සොයන්නේ ලස්සන, සුවඳ හමන, පාට වැටුණු දේවල්. කොටින්ම කිවුවොත් පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන ප්‍රියජනක සංවේදනවලට.

                හිතල බලන්නකො බාඳුරා මලකට ඇදිල එන කෘමියෙක් ගැන. ඌට ටිකක් අමුතු විදියෙ ලස්සන මලක් පේනව. ඒ අමුතු ජෝගුව අතුලෙ තියෙන බීම, ම්ම්ම්ම්ම්ම....... මනරම්. මේක බොන්න හිතන් ඌ යනව ඇතුළට. අනේ අනිච්චං තමා. ඌට කවුරුවත් පනින්න පෙර සිතා බලන්න උගන්නල නෑ වගේ. කොහෙද ඉතින් වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවුන එකක් යැ. හැබැයි ඉතින් හිත හිතා හිටියොත් නම් කවදාවත් පනින්න වෙන්නෙ නෑ කියල ඌට හිතුණ වෙන්නත් බැරි නෑ.

                අපෙත් බහුතරයක් ඔය වගේ. ඒ තමා පැනල ඉවරවෙලා ම shape එකේ chewing gum එකක් හප හපා ම හිතනව කියන අය. හැබැයි තවත් පිරිසක් ඉන්නව බය නිසාත් අහක යන නයි ශරීරාස්පර්ෂයට අකමැති නිසාත් නොපනින. මේ දෙගොල්ලො ඇරුණාම බොහොම සුළු පිරිසක් තමා තමන්ගේ කල ගෙඩි වන් ඔළු ගෙඩි තුළ තියෙන අල ගෙඩි වන් මොළ ගෙඩියෙන් වැඩක් ගන්නෙ. 

                 දැන් දැන් හිතෙනව ඇති නේ ද ලස්සනක් ගැන කියාගෙන ඇවිත් මේකා මොකක්ද මේ පැනිල්ලක් ගැන කියවන්නෙ කියල? මම මේ කිවුවෙ ලස්සන නිසා අපි වැටෙන අමාරු ගැන. එහෙම කියල රසවත්, හරවත් දේ අතාරින්න කියනව නෙමෙයි. ‘ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ’ ලු නේ. හැම දෙයක් ම ගානට. හරවත් දේ කොහොම වෙතත් රසවත් දේ නම් ඔය කවුරුවත් අත් නොහරින බවත් මම දන්නව. ඒකත් ඉතින් ලෝක ස්වභාවය කියල හිත හදා ගන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද?

                                කොහොම වෙතත් හැඟීම් වලට වහල් වෙන්න ගියාම තමා ඔය රටේ නැති කරදර ඔක්කෝම. සංසාරෙ පුරාවට ඉවරයක් නැතුව දුවන්න වෙන්නෙත් ඒ නිසා. කොහොම හරි ඔළුව හදාගෙන ඉස්සරහට යන එකයි වටින්නෙ.

©

All about you...

Looking at you
Feels so good...
Thinking of you
It's good too...
If I could talk with you,
It will be better...
If I could be yours,
It would be the best...

You looks great
'Cz black looks nice
Lot more than that
It's in your heart...

Time goes on
Years passed
But you are still in my
Good old heart...

N ame you born
   I t's so nice
     K ey to my heart
        I dentically you
          T enderness grows
             H onour and fame
                A ll just for You

©

Night Alone

Walking clouds
Peeping stars
Weak light with god's sweat
I'm alone with an empty mind
Nothing at all
Empty hole,
On the top ball
Targeting the goal,
Earning gold......

©

Wednesday, November 10, 2010

ඇරඹුනා පමණි,,,,

ඔන්න ඉතින් හා හාපුරා කියලා මමත් පටන් ගත්තා බ්ලොග් එකක් ලියන්න. මේක ඒකේ පළවෙනි post එක උනාට ලියන්න දෙයක් ඔළුවට එන්නේ නෑ. පළවෙනි එක නිසා විකාර ලියන්නත් බෑනේ. මේකත් විකාරයක් වගේ තමා. අව්ලක් නෑ..........

©