Thursday, September 8, 2011

ආදරේ පො‍ළොව තරම්.....

මම අම්මට ගොඩාක් ආදරෙයි
මම තාත්තට ගොඩාක් ආදරෙයි
මම උඹටත් සෑහෙන්න ආදරෙයි මල්ලියේ
මම ඔයාට ගොඩාක් ආදරෙයි වස්තුව
අයි ලව් යූ මචං
එක එක්කෙනා ඉස්සරහ කියන දේවල්
උඹ මහ චපලයෙක්, හැමෝටම ඔහොම කියන්නෙ උඹ කටින් ද?
ඔව් කටින් තමා.
එතකොට වැඩියෙන්ම?
හැමෝටම, ආදරේ නිරපේක්ෂයි, සසඳන්න හදන්න එපා, මහ ගොන් වැඩක්.
එතකොට බහු ගර්ල් ෆ්‍රෙන්ඩ් සේවනය?
ඒකනේ බන් මම මගෙ කෙල්ලට වයිෆ් කියන්නේ
එතකොට බන් මම බහු භාර්ය්‍යා සේවනය ද?
දන්නෑ ඉතින් ඔව්ව නම්....
බ.ද.වේ. උඹ ඒ හැමෝට ම ආදරෙයි ද?
දන්නෑ බන්.....
දෙන් හැපි වෙඩඩ් ලයිෆ් මචං
ෆෑන්ක්ස් මචං
වල් කම් වේවා මචං.....


©


Sunday, September 4, 2011

බබාගේ තාත්තා දොයි...


චූටි බබෙක්,
කතා කළා ඊයේ හවස,
හෙලෝ කිවුවා, අනුල මාමා කිවුවා,
හොල මීයා කිවුවා, තාත්තට ඌවා වෙලා කිවුවා
ටිකකින් මම මගේ කතාවේ.
සද්දයක් නෑ කෝ බබා දොයි ද? නෑ කුක්කු බොනවා.
අහ්, ෂෝයි බබෙක්.
කතාව නැවතුනා, මම පන්සල් ගියා, ගෙදර ආවා.
අද උදේ,
බබා පව් නේ? එයාට මුකුත් තේරෙන්නෑ
බබාගේ තාත්තා දොයියගෙන,
සදහටම.......  

©